ජාතික රණවිරු දිනයට සමගාමීව යුද්ධ හමුදාව විල්පත්තු වන උද්‍යානයේ වනසංස්කරණ ව්‍යාපෘතියක් අරඹයි
17th May 2019
එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයට එරෙහිව පැවති මානුෂීය මෙහෙයුම් අවසන් කර දශකයකට පසුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ‘මනූසත් දෙරණ’ රූපවාහිනී නාලිකාව සහ සිලෝන් බිස්කට් සමාගම සමඟ එක්ව ජාතික රණවිරු දිනයට සමගාමීව (මැයි 18) විල්පත්තුව මරිච්චකඩ්ඩු ප්‍රදේශයේදි ‘තුරුලිය වෙනුවෙන් අපි’ රුක් රෝපණ ව්‍යාපෘතිය සංවිධානය කරනු ලබයි.
මෙම උත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ ප්‍රදානත්වයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්, සිවිල් ක්‍රියාකාරීන්, ‘මනුසත් දෙරණ’ රූපවාහීනි නාලිකාවේ සහ සිලෝන් බිස්කට් සමාගමේ සාමාජිකයින් එක්ව මරිච්චකඩ්ඩි 46 වන කිලෝ මීටර් කණුව අසලදී උදෑසන 9.00 ට ආරම්භ කිරිමට නියමිතය.
එදිනම පාලසෝතිකන්ඩාල්, කරාඩික්කූලී සහ ශ්‍රීනාත් නගර් යන ප්‍රදේශයන්හි ජාතික රණවිරු සැමරුම් දිනයට සමගාමීව රුක් රෝපණය කිරිමට නියමිතය. විල්පත්තුව වන උද්‍යානයේ නැවත රුක් රෝපණය කිරිම සඳහා උනන්දුවක් දක්වන මහජනතාවට ආරාධනා කරනු ලැබේ. එම අවස්ථාව සඳහා දායකවීමට කැමති පුද්ගලයින් ඇත්නම් 0766907221, 0766907673, 0766909675 හෝ 0766907674 දුරකථන අංක වලින් වැඩි විස්තර ලබාගත හැක. |