කැනිඩියානු මහකොමසාරිස් සමඟ යුද්ධ හමුදාධිපති සුහදව අදහස් හුවමාරු කරගනි

17th May 2019

කැනිඩියානු මහකොමසාරිස් ගරු ඩෙවිඩ් මැකිනෝ (HE David McKinnon) සිකුරාදා (17) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද සාකච්ඡාව අතරතුරදී, දෙරටේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ ගැටළු සහ අනෙකුත් පොදු ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරිණි. සුහද හමුව අවසානයේ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සුහදත්වය සහ අවබෝධය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් කැනිඩියානු මහකොමසාරිස් වෙත සමරු තිළිණයක් ප්‍රදානය කළහ. මෙම අවස්ථාව සඳහා කැනිඩියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක ද සහභාගි විය.

යුද්ධ හමුදා මූලස්ථානය වෙත සපැමිණි කැනිඩියානු මහකොමසාරිස්වරයා, යුද සේවා ලේකම් මේජර් ජෙනරාල් රුවන් ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. |