කෘතීම බුද්ධිය කොතැනද? නව දිල්ලි ආරක්‍ෂක අධ්‍යයන හා විශ්ලේෂන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු විමසයි

31st August 2018

බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වෙන ‘කොළඹ ආරක්‍ෂක සම්මන්ත්‍රණය - 2018’ හි පළමු දින දෙවන සැසිය යටතේ නව දිල්ලි ආරක්‍ෂක අධ්‍යයන හා විශ්ලේෂන ආයතනයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු වන ගෘප් කපිතාන් අජේ ලෙලේ (විශ්‍රාමික) විසින් ‘කෘතීම බුද්ධිය හා ස්වයංක්‍රිය අවි’ යන මාතෘකාව ඔස්සේ දේශනයක් පැවැත්විය.

එහිදි ඔහු කෘතීම බුද්ධියේ උපත සහ එය වසර ගණනාවක් පුරා පුළුල් වූ ආකාරය පිළිබඳ ඉතිහාසය ඉදිරිපත් කළ අතර, කෘතිම බුද්ධි මෙහෙයුම්වලට උදාහරණ ද ගෙනහැර දැක්විය.

වර්තමානයේ සිවිල් හා හමුදා යන අංශ දෙකම බොහෝ සෙයින් තාක්‍ෂණයේ භාවිතයෙන් රොබෝ විද්‍යාව, යන්ත්‍ර ස්වයංක්‍රියකරණය, හයිබ්‍රිඩ් තාක්‍ෂණය මත පදනම් වූ පද්ධති ආදි විෂයන් සඳහා කෘතීම බුද්ධිය වැඩි වශයෙන් භාවිතා කරන බව අනාවරණය වී ඇත.

“වර්තමාන රොබෝ විද්‍යාව සඳහා තමන්ගේම තීරණ ගැනීමේ හැකියාවන් ඇත: හඬ හඳුනාගැනීමේ ක්‍රමවේදය ඔහුගේ / ඇයගේ කටහඬේ ලක්ෂණ ගැන දැන ගැනීම සඳහා පරිශීලකයා සමඟ මුලින්ම සම්බන්ධ කර ගනී. කෘතීම බුද්ධිය විශේෂයෙන් පරිගණක පද්ධති මගින් මිනිස් බුද්ධිමය ක්‍රියාදාමයන් හා සාමාන්‍යකරනය කිරීමක් සිදු කර ඇත” යනුවෙන් ද ඔහු එහිදි පැවසීය.

මේ අනුව මිනිස් බුද්ධියෙන් ක්‍රියාත්මක වන බොහෝ දේ කෘතීම බුද්ධිය මගින් සිදු කිරීමට තරම් තාක්‍ෂණය දියුණුවී ඇති බවත් මිලියන භාගයකට අධික ජනතාවක් කෘතීම බුද්ධියෙන් භාවිතා කරනු ලබන යානවාහන පවා පරිශීලනයට යොමුවී ඇති බවත් එමෙන්ම, කෘතීම බුද්ධිය බොහෝ මානයන් ඔස්සේ විහිදි ගොස් ඇති බවත් මෙහිදි පෙන්වාදුන්හ. |