භට පිරිස් විසින් අවතැන් වු ජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් සලසාදේ

26th May 2018

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මහවැව ප්‍රදේශය මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අතර අද (26) දින 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පීඩාවට පත් වු ප්‍රදේශවාසීන් හට මහවැව මංසන්ධියේ සිට මාදම්පේ, තනිවැල්ල ‍දේවාලය වෙත ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලදී.

ප්‍රදේශයේ ජල මට්ටම සීග්‍රයෙන් වැඩි වී කිලෝමීටර 2 කට වඩා වැඩි ප්‍රමාණයක් ජලයෙන් යටවු අතර කිසිදු ප්‍රවාහන සේවාවක් සලසා ගත නොහැකිව එම ප්‍රදේශයේ සිවිල් ජනතාව සිරවී සිටියහ. එසේ පීඩාවට පත් ජනතාව බෝට්ටු මගින් ප්‍රවාහනය කිරිම සඳහා 16 වන ගජබා රෙජිමේන්තු භට පිරිස් විසින් සහාය දක්වන ලදී.

මේ අතරතුර, 58 වන සේනාංකයට අයත් 582 වන බලසේනාවේ 9 වන ගැමුණු හේවා බලඇණියේ භට පිරිස් විසින් සිකුරාදා (25) දින පීඩාවට පත් පවුල් 3 ක වැසියන් 9 දෙනෙකු ගලවා ගෙන බෝට්ටු ආධාරයෙන් රත්නපුර, රැටියල ශීලවංශාරාමය විහාරස්ථානයේ තාවකාලිකව නාවතැන් ගන්වන ලදී.

ඒ අතරතුර, එම සේනාංකයේ 9 වන ගැමුණු හේවා බලඇණියේ 13 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරගොඩ සහ දඹල ප්‍රදේශයන්හි ගංවතුරට හසුවු නිවාසයන්හි තැන්පත් ව තිබු රොන් මඩ සහ සුන්බුන් ඉවත්කිරිමේ කටයුතු වල නිරත වන ලදී.

|