ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායකතුමන් රාජකාරී අරඹයි

7th December 2024

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 58 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් එම්.ජී.ඩබ්ලිව් .ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්.සී.බී. වික්‍රමසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ පීඑස්සී 2024 දෙසැම්බර් මස 05 දින ස්වේච්ඡා බලකා මූලස්ථානයේදී යුද්ධ හමුදා සම්ප්‍රදායන් මධ්‍යයේ ධූරයේ රාජකාරි භාර ගන්නා ලදී.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නව සේනාවිධායකතුමන්ව උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර, ප්‍රධාන දොරටුව අභියසදී එතුමන් වෙත යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය පුදකිරීමෙන් අනතුරුව දිවන්ගත කපිතන් සාලිය අලදෙණිය පීඩබ්ලිව්වී ගේ ස්මාරකයේ දී මව්බිම වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් වෙත උපහාර දැක්වීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුඳකළේය.

මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ සේනාවිධායකතුමන් සංකේතාත්මකව නිල ලේඛනයකට අත්සන් තබමින් සිය ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී. පසුව එම අවස්ථාව සිහිපත් කිරමින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කළේය.

අනතුරුව, නව සේනාවිධායක විසින් භට පිරිස් ආමන්ත්‍රණය කිරීමෙන් පසුව සියලු නිල තේපැන් සංග්‍රහයකට සහභාගී විය. මෙම අවස්ථාවට සහභාගීවූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන් සහ සෙසු නිලයන් නව සේනාංවිධායකතුමන් වෙත සිය සුභාශිංසන පිරිනමන ලදී.