Next Gen’ Premier League ශූරතාවලිය - 2024’ ජයගත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කණ්ඩායමට යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුම්
13th November 2024
පසුගිය දා පැවති ‘Next Gen’ Premier League ශූරතාවලිය - 2024’ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කණ්ඩායමේ සාමාජිකයන් 2024 නොවැම්බර් මස 12 දින යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී යුද්ධ හමුදාධිපතිතුමන් හමුවිය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අභිමානයක් එක්කරමින් කොළඹ කෘතීම හොකී පිටියේදී 2024 නොවැම්බර් මස 09 දින පැවති ‘Next Gen’ Premier League ශූරතාවලිය - 2024’ තරඟාවලියේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා හොකී කණ්ඩායමේ ක්‍රීඩකයින් දැක්වූ විශිෂ්ඨ දක්‍ෂතා වෙනුවෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ එම ක්‍රීඩකයින් වෙත සිය සුභාශිංසනයන් පුදකළේය. එහිදී, එම කණ්ඩායමේ එක් එක් සාමාජිකයින් සමඟ අදහස් හුවමාරු කරගනිමින් එතුමන් ඔවුන්ගේ කැපවීම පැසසුමට ලක්කරන ලදී.
මෙම අවස්ථාවේදී, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් එම ක්‍රීඩකයින් වෙත අවශ්‍ය ක්‍රීඩා භාණ්ඩ මිලදී ගැනීම සඳහා මූල්‍ය දිරිගැන්වීමක් පිරිනමමින් ඔවුන්ගේ ඉදිරි කටයුතු වෙනුවෙන් සිය සුබපැතුම් එක්කළේය.
මෙම අවස්ථාවට යුද්ධ හමුදා ක්‍රීඩා අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් එල්.කේ.ටී. ප්‍රනාන්දු ආර්එස්පී යූඑස්පී, කණ්ඩායම් කළමනාකරු සහ කණ්ඩායම් පුහුණුකරු එම්.ජී.එම්. රිෆාස් සහභාගි වූහ.