දියතලාවේ දී ගින්නක් සමග බස්රථයේ ඇති වූ පිපිරීමෙන් 19 දෙනෙක් තුවාල ලබති
21st February 2018
(මාධ්‍ය නිවේදනය)
අද පෙරවරු 5.45 ට පමණ යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගින්නක් සමඟ ඇති වූ හදිසි පිපිරිමක් දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී සිදු වී ඇති අතර එමඟින් බස් රථය තුල සිටි මඟින් 19 දෙනෙකුට තුවාල සිදු වී ඇත.
ලද වාර්තා අනුව මෙම පෞද්ගලික බස් රථයේ පැමිණි මගීන් බණ්ඩාරවෙල බස් නැවතුමේ දී වෙනත් පෞද්ගලික බස් රථයකට මාරු කර දියතලාව දක්වා ගමන් කිරීමට ඉඩ සලසා ඇත.
මගීන් අතර යුද්ධ හමුදා සෙබලුන් 7 දෙනෙක් ද, ගුවන් භටයන් 5 දෙනෙක් ද වූහ. සියලු තුවාලකරුවන් දියතලාව රෝහලට ඇතුලත් කර ඇති අතර හමුදා සෙබලුන් දෙදෙනෙකුගේ තත්වය බරපතල බව වාර්තා වේ.
පොලීස් පරික්ෂණ පැවැත්වෙන අතර මෙම පිපිරීම ත්‍රස්තවාදි ක්‍රියාවක් නොවන බව යුද්ධ හමුදාව තහවුරු කරයි. (නිමි)
|