අපේක්‍ෂා රෝහලේ ඉල්ලීමකට අනුව වාට්ටු අලුත්වැඩියා කරයි
21st February 2018
මහරගම අපේක්‍ෂා රෝහලේ වෛද්‍ය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් එම රෝහලේ වාට්ටු අංක 3 සහ 4 හි අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී.
යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙන්ම ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (20) දින එම රෝහල් පරිශ්‍රයේ පැවති සරල උත්සවයක දී වාට්ටු අංක 3 සහ 4 හි අලුත්වැඩියා කිරීමේ කටයුතු නිම කිරීමෙන් අනතුරුව රෝහල් බලධාරීන් වෙත භාර දෙනු ලැබීය.
ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපතිතුමන් අදාල ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියෙහි වගකීම තමාවෙත පවරාගනීමින් එහි අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදු කරන ලෙස පාබල හමුදා භට පිරිස් වෙත උපදෙස් ලබාදෙන ලදී.
මහරගම, අපේක්‍ෂා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රසාද් අබේසිංහ විසින් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර භාරදුන් ප්‍රතිසංස්කරණය කරන ලද වාට්ටු නිල වශයෙන් භාරගන්නා ලදී.
මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු අධිපති ඇතුළු රෙජිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් ද එක්ව සිටියහ.
|