භට පිරිස් විසින් මොණරාගල ප්‍රදේශයේ ඇති වූ ගින්න මැඩපවත්වයි

20th February 2018

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 5 වන ගැමුණු හේවා බලකායේ 80 කට වැඩි භට පිරිසක් එක්ව සඳුදා (19) දින මොණරාගල, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරුණගම ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීමට සමත්විය.

ඉරිදා (18) දින රාත්‍රියේ ඇති වූ මෙම ලැව්ගින්න පිළිබඳ පුවත සැල වූ සැණින් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් මත එම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් නිශාන්ත වන්නිආරච්චි ගේ මඟපෙන්විම යටතේ 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 5 වන ගැමුණු හේවා බලකායේ නිලධාරීන් ඇතුලු 80 කට වැඩි භට පිරිසක් එම ස්ථානයට ළඟා වී යුහුසුළුව ක්‍රියාත්මකව ගින්න ව්‍යාප්තවීම මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මෙම ගින්න හේතුවෙන් අක්කර 110 ක් පමණ විනාශයට පත්වි ඇති අතර සිවිල් දේපලවලට හෝ පොදු ගොඩනැගිලිවලට කිසිදු හානියක් සිදු වී නොමැත.

|