ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා තවත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යයි
19th February 2018
ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ දෙවන කණ්ඩයත් සඳුදා (19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.
යුද්ධ හමුදා සාමාජිකයින් 150 දෙනෙකුගෙන් සමන්විත ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාම සාධක රාජකාරීන් සඳහා පිටත්වීමට නියමිත කණ්ඩායමෙන් සාමාජිකයින් 16 ක් ඉරිදා (18) දින දිවයිනෙන් පිටත් වූ අතර තවත් 34 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් අද (19) දින දිවයිනෙන් පිටත්ව ගියහ.
තවද සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ අවසන් සාමාජිකයින් පිරිස මාර්තු මස 06 වන දින දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.
|