යුද්ධ හමුදාධිපතිතුමන් කුකුලේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලේ සංචාරයක
18th February 2018
යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සෙනසුරාදා (17) දින පැවැති රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ වැඩමුළුවේ සමාප්ති උත්සවයෙන් අනතුරුව කුකුලේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි ද සංචාරයක නිරත විය.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ප්‍රසාද් පතිරත්න විසින් යුද්ධ හමුදාධිපතිතුමන් ගෞරයෙන් පිළිගෙන එතුමා වෙත ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලේ කාර්යභාර්යන් හා වගකීම් පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ලදී.
ඉන් අනතුරුව යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි යටිතල පහසුකම් සහ පුහුණු කටයුතුවල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමෙන් පසු නික්ම යාමට ප්‍රථම විශේෂ අමුත්තන් සඳහා වූ පොතේහි ද සමරු සටහනක් තැබීය.
එක්සත් ජාතීන්ගේ සාමසාධක කටයුතු තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක යුද්ධ හමුදාව තුල විදේශ මෙහෙයුම් අධ්‍යක්ෂක මණ්ඩලයක් ද පිහිටුවීම සඳහා පියවර ගෙන ඇත.
|