නව යු‍ධෝපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි අරඹයි

5th February 2018

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස සඳුදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයේදී රාජකාරි අරඹන ලදී.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායානා මධ්‍යයේ නිල ලේඛණයකට අත්සන් තබමින් නව තනතුරෙහි රාජකාරි ඇරඹූ නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ඉන් අනතුරුව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් අමතමින් සිය රාජකාරි දැක්ම පිළිබඳව පැහැදිලි කරන ලදී.

යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ධුරයෙහි රාජකාරි භාරගැනිමට ප්‍රථම මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන කිලිනොච්චි ආරක්ෂක මුලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයේ සේනාංකාධිපති වශයෙන් රාජකාරි සිදුකරන ලදී.

|