මියගිය ඉන්දීය සාම සාධක භට පිරිස් අනුස්මරණය කරමින් යාපනයේදි පුෂ්පෝපහාර

29th January 2018

ජනවාරි මස 26 දිනට යෙදි තිබු ඉන්දීය ජනරජ දිනයට සමඟාමිව ශ්‍රී ලංකාවේදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ භට පිරිස් අනුස්මරණය කිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (26) දින යාපනය, පලාලි ඉන්දියන් සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විය.

මෙහිදි එල්ටිටිඊ සංවිධානයට එරෙහිව ඉන්දීය සාම සාධක හමුදාව ක්‍රියාත්මක කල ‘පවන්’ මෙහෙයුම සඳහා දායක වු ඉන්දීය හමුදා භට පිරිස් සිහිපත් කරමින් යාපනයේ ඉන්දීය කොන්සල් ජෙනරාල් ශ්‍රී ඒ. නටරාජන් සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චි විසින් මල් කළඹ තැන්පත් කර පුෂ්පෝපහාර දක්වා ආචාරය පුද කරන ලදී.

ඉන්දීය යුද්ධ හමුදාවේ 10 වන පැරා කොමාන්ඩෝ බලඇණිය සහ 13 වන සීක් පාබල හමුදා බලඇණිය විසින් යාපනයේදීඑල්ටිටිඊ සංවිධානයට එරෙහිව සිදුකල සටන් වලදී බරපතළ හානි සිදුවිය.

|