මධ්‍යම භට පිරිස් ලැව් ගිනි මැඩපවත්වයි

26th January 2018

11 වන සේනාංකයේ 111 වන ‍බල සේනා ප්‍රදේශයට අයත් මහනුවර සහ 12 වන සේනාංක බල ප්‍රදේශයට අයත් මොණරාගල ප්‍රදේශයේ ඇතිවු කැලෑ ගිනිගැනීම් 02 ක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් යුහුසුළුව ක්‍රියාත්මක වී මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි.

මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයේ සහ 12 වන සේනාංකයේ සේනාංකාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ එම සේනාංකයන්හි 115 දෙනෙකුට වැඩි භට පිරිසක් යුහුසුළුව ක්‍රියාත්මකවී මෙම කඳුකර කැලෑ ගින්න මැඩපැවැත්විම සඳහා ක්‍රියාකරන ලදි.

ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් වේගයෙන් පැතිරයමින් තිබු කැලෑ ගිනි පිළිබඳව යුද්ධ හමුදා භට පිරිස් දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස වහාම එම ස්ථානයට එක්වූ මෙම සේනාංක දෙකෙහි භට පිරිස් ගිනි මැඩපැවැත්වීමට කටයුතු කරන ලද අතර, සාමාන්‍ය වැසියන් ද ඒ සඳහා භට පිරිස් වෙත සහාය දක්වා තිබුණි.

මේ අතරතුර ගතවු පැය 48 ක කාලය තුලදී මහනුවර, මහකනදරා ප්‍රදේශයේ රසායනික ද්‍රව්‍ය තැන්පත් කරන ලද පෞද්ගලික ගබඩාවක් දෙසට පැතිරෙමින් තිබු කැලෑ ගින්නක් ද 11 සේනාංක භට පිරිස් විසින් පාලනය කර ඇත.

|