සිංගප්පුරු අග්‍රාමාත්‍යතුමා වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ උත්තමාචාරය
23rd January 2018
අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා (Mr Lee Hsien Loong) නිල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනිම අඟහරුවාදා (23) දින ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සිංගප්පුරු අග්‍රාමාත්‍ය තුමන් වෙත වර්ණවත් වු යුද්ධ හමුදා සම්මාන පෙළපාලියක් සහ හමුදා උත්තමාචාරයක් පිරිනමන ලදී.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකවිසින් සිංගප්පුරු රාජ්‍ය ප්‍රධානි ලී සියෙන් ලුන්ග් මහතා (Mr Lee Hsien Loong) සහ අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විශේෂ පීඨිකාව වෙත කැඳවාගෙන යන ලදී.
මෙම සම්මාන පෙළපාලිය සඳහා ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ නිලධාරින් 02 කු හා සෙසුනිලයින් 72 කු සහභාගිවු අතර ජනාධිපති වර්ණ රැගත් හමුදා කණ්ඩය සඳහා හමුදා නිලධාරියෙකු හා සෙසුනිලයින් 03 කු එක්ව සිටියහ.
සිංගප්පුරු අග්‍රාමාත්‍යතුමන් වෙත කාලතුවක්කු ආචාර වෙඩි මුර 19 ක් සමගින් රාජ්‍ය ගෞරව ද පුදකරන ලදී.
දිවයිනට පැමිණි සිංගප්පුරු අග්‍රාමාත්‍යතුමන් පිළිගැනිමේ උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ ශ්‍රී ලංකා පොලීසිය නියෝජනය කරමින් සංස්කෘතික කණ්ඩායම් ද සහභාගි විය.
මෙම උත්සවය සඳහා ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍යවරුන්, විදේශ තනාපතිවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් රැසක් එක්ව සිටි අතර, ශ්‍රී ලංකා ජනාධිපතිතුමන්ගේ නිල ආරාධනාවකට අනුව සිංගප්පුරු අග්‍රාමාත්‍යතුමන් මෙම තුන්දින නිල සංචාරය සඳහා දිවයිනට පැමිණෙන ලදී.
|