නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අතිගරු ජනාධිපතිතුමා හමුවේ
19th January 2018
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) සිකුරාදා (19) දින උදෑසන ජනාධිපති නිල නිවසේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් හමු වූ අතර, යුද්ධ හමුදාධිපතිතුමා ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් දෙරට අතර පවත්නා සමීප සම්බන්ධතාවයන් තවදුරටත් ශක්තිමත් කරමින් සුහදව සාකාච්ඡා කළ අතර, මිත්‍රශීලි දකුණු ආසියාතික රටක් ලෙස ද්වීපාර්ශීය සබඳතා තවදුරටත් පවත්වාගැනීමේ වැදගත්කම ද අවධාරණය කරන ලදි.
මෙම හමුවේදී සුහදත්වය සනිටුහන් කරමින් අතිගරු ජනාධිපතිතුමා සහ සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අතර විශේෂ සමරු තිළිණ හුවමාරුවක් ද සිදු විය.
ජනාධිපති කාර්යාලයේ පැවැති මෙම සුහද හමුව සඳහා ශ්‍රී ලංකාවේ නේපාල තානාපති ගරු ආචාර්ය බිෂ්වම්බර්ග් ප්යාකුර්යාල් (H.E Dr Bishwambher Pyakuryal), යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ නේපාල හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.
මේ අතර, නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) අද (19) දින උදෑසන නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් සිරිමෙවන් රණසිංහ ද හමුවිය.
එහිදි නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා සංචාරක නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. අනතුරුව නාවික හමුදාධිපතිතුමන් සහ නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡා කල අතර, මෙම සුහද හමුව අවසානයේ සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය. තවද, නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදාධිපති සහ නාවික හමුදාවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරුන් සමඟින් සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
|