මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා තවත් හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටත්වේ

9th January 2018

මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා (MINUSMA) යටතේ සාම සාධක රාජකාරින් සඳහා අද (09) දින සන්ධ්‍යා වරුවේ දී දිවයිනෙන් පිටත්ව යන ලදී.

යුද්ධ හමුදාවේ රෙජිමේන්තු 10 කට අයත් හමුදා සාමාජිකයින් 200 දෙනෙකු වසරක කාලයක් මාලි දේශයේ එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරින් ඉටු කිරීමට නියමිතය. යුද්ධ හමුදා සාමාජිකයින් 150 දෙනෙකුගෙන් සමන්විත පළමු සංග්‍රාමික රථ ආරක්ෂක කණ්ඩය 2017 දෙසැම්බර් මස 24 දින දිවයිනෙන් පිටත්ව ගිය අතර,අවසන් කණ්ඩායම ඉදිරි පැය 48 ක කාලය තුල මාලි දේශයේ සාමසාධක රාජකාරින් භාරගැනීම සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිතය.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකු ඔවුනට සුභ පැතීම සඳහා අද (09) සන්ධ්‍යාවේ ගුවන් තොටුපල වෙත පැමිණ සිටියහ.

|