පකිස්තානු හමුදා දුත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයේ සේනාවිධායක හමුවේ

9th January 2018

පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර් ප්‍රමුඛ පකිස්තානු යුද්ධ හමුදා දුත පිරිස, සඳුදා (08) දින ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ දී එහි සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි හමුවිය.

යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ සේනාවිධායකඑහි පැමිණි දුත පිරිසට සුභ පැතුම් පිරිනැමූ අතර,දැනට සිදුකරමින් පවතින පුහුණු වැඩසටහන්හි ප්‍රගතිය සහ ද්වීපාර්ශවීය හමුදා අතර, අන්නෝන්‍ය වශයෙන් වැදගත්කම් ඇති කරුණු කාරණා පිළිබඳව ද සාකච්ඡා කරන ලදි.

මීට ප්‍රථම, සඳුදා (08) දින මෙම දුත පිරිස යුද්ධ හමුදාධිපතිතුමා වෙනුවෙන් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර ද හමුවිය.

ත්‍රිකුණාමලය පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ පකිස්තානු හමුදා දුත පිරිස සිදු කල සංචාරයේදී එහි කාර්යභාරය පිළිබඳ සේනාවිධායක විසින් ඔවුන් දැනුවත් කළහ. මෙම සංචාරය සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් සිදු කල අතර, සියලුදෙනා සමුහ ඡායාරෑපයක් සඳහාද පෙනී සිටියහ.

සඳුදා (08) දින සන්ද්‍යාවේ ත්‍රිකුණාමලේ පිහිටි 22 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රයේ දී එම සේනාංකාධිපති ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් විශේෂ දිවා භෝජන සංග්‍රහයක් ද පැවැත්විය.

|