යාපනය අාණ්ඩුකාර සහ දිස්ත්‍රික් ලේකම් සමග යුද්ධ හමුදාධිපති සුහද හමුවක
22nd December 2017
උතුරු පළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය මීගහජදුරේ ඥාණරතන හිමියන්ගේ ආදාහන කටයුතු සඳහා යාපනය බලා ගමන් කල යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක, යාපනය අාණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ සහ දිස්ත්‍රික් ලේකම් එන්. වේදනායගම් මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (22) පවත්වන ලදි.
මෙම හමුවීම්වලදී දැනට ක්‍රියාත්මක වෙමින් පවතින සිවිල් හා හමුදා සහයෝගිතා වැඩසටහන් සංහිදියාව ඇතිකිරිමෙහිලා යුද්ධ හමුදාවේ දායකත්වය, ඉඩම් නිදහස් කිරීමේ ප්‍රගතිය, යාපනයේ අවතැන් වූ ජනතාව වෙනුවෙන් යුද්ධ හමුදාව විසින් තනාදී ඇති නිවාස වල ප්‍රගතිය යුද්ධ හමුදාව විසින් ගොඩනගන ලද රෝහල සහ යාපනය වැසියන් ඉන් ඇතිවන සුභසාධන පහසුකම් හිටපු එල්ටීටීඊ සාමාජිකයින්ට රැකියා අවස්ථා ලබාදෙන උපකාර, උතුරේ ආරක්ෂක තත්වය ඇතුළු යුද්ධ හමුදා සාමාජිකයින් සම්බන්ධ වී සිදුකරන ප්‍රජා සත්කාර වැඩසටහන් පිළිබඳව සාකච්ඡාවට ලක්විය.
යාපනය අර්ධද්වීපයේ ව්‍යාපෘතින් සඳහා යුද්ධ හමුදා ඉංජිනේරුවන් ලබාදෙන වෘත්තිමය කැපවීම සහ තාක්ෂණික සහාය සහ ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) වෙතින් ලැබෙන සහයෝගය යාපනය අාණ්ඩුකාරතුමන් හා යාපනය දිස්ත්‍රික් ලේකම් විසින් ඉතා අගය කරන ලදි.
|