මුලතිව් පල්ලියේ විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක්
22nd December 2017
59 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුෂ්‍යන්ත රාජගුරු ගේ උපදෙස් මත විශේෂ නත්තල් බැති ගී ප්‍රසංගයක් මුලතිව් පාසල් දරුවන්ගේ සහ කතෝලික දරුවන්ගේ සහභාගිත්වයෙන් මුලතිව් ශාන්ත පීටර් දේවස්ථානයේදී බදාදා (20) දින පැවැත්විය.
ප්‍රදේශයේ ජනවාර්ගික සහයෝගිතාවය, සංහිඳියාව සහ හොඳ හිත ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන ලදි.
දිස්ත්‍රික් ලේකම්, අතිරේක දිස්ත්‍රික් ලේකම්, මුලතිව්, මාරිතිපත්තුව ප්‍රාදේශිය ලේකම්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, මුලතිව්, දිස්ත්‍රික් වනජිවි නිළධාරි, මුලතිව්, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, මුලතිව්, ත්‍රිවිධ හමුදා නිළධාරින්, පොලිස් නිළධාරින්, ළමුන් සහ සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ශාන්ත පීටර දේවස්ථානයේ ප්‍රධාන පූජක ඇන්ටන් ජෝර්ජ් පියතුමා සහ පූජක පක්ෂයේ කිහිප දෙනෙකු ඒ සඳහා සහභාගි විය. නත්තල් බැති ගී සඳහා සංගීතය යුද්ධ හමුදා සංගීත කණ්ඩායමෙන් ලබාදෙන ලදි.
එම අවස්ථාවේදීම 59 වන සේනාංකය නත්තල් තෑග්ගක් ලෙස පල්ලියට ඉතා අවශ්‍යව පැවති පියානෝවක් පරිත්‍යාග කළහ. මීට අමතරව, 200 කට අධික පාසැල් සිසුන් ඒ සඳහා සහභාගි වූ අතර, ඔවුන්ට පාසැල් බෑග් සහ පාසැල් උපකරණද පරිත්‍යාග කරනු ලැබීය.
|