ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ 128 ක් පිඑස්සි උපාධි පාඨමාලාව සාර්ථකව නිමකරයි
15th December 2017
සපුගස්කන්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ පීඑස්සී මාණ්ඩලික පාඨමාලාව අංක 11 සාර්ථක ලෙස හදාරා නිම කල ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින්ට එම උපාධි සහතික ප්‍රදානය කිරිමේ උත්සවය බදාදා (13) දින එම විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදි.
උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුලු සියලුම සම්භාවනීය අමුත්තන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් කුලතුංග විසින් ගෞරව සම්ප්‍රයුක්තව පිළිගන්නා ලදී.
මියගිය රණවිරුවන් අනුස්මරණය කරමින් විනාඩි 02 ක නිශ්ශබ්දතාවයක් පැවැත්විමෙන් අනතුරුව උපාධි ප්‍රදානෝත්සවය ආරම්භ වූ අතර, පාඨමාලාව සාර්ථකව හැදෑරු උපාධිධාරීන් ප්‍රධාන ආරාධිත අමුත්තාගේ සුරතින් උපාධි සහතික හිමි කරගන්නා ලදි.
යුද්ධ හමුදාවේ ශිෂ්‍ය නිළධාරීන් 65 දෙනෙකු, නාවික හමුදාවේ ශිෂ්‍ය නිළධාරීන් 23 දෙනෙකු, ගුවන් හමුදාවේ ශිෂ්‍ය නිළධාරීන් 26 දෙනෙකු සහ විදේශීය රටවල සිසුන් 14 ක් ඇතුළු ත්‍රීවිධ හමුදා ශිෂ්‍ය නිලධාරින් 128 කු මෙසේ පාඨමාලාව සාර්ථකව හදාරා උපාධි සහතික හිමිකරගන්නා ලදී.
ඕස්ට්‍රේලියාව, ඇමෙරිකා එක්සත් ජනපදය, බංගලාදේශය, චීනය, ඉන්දුනීසියාව, මාලදිවයින, නේපාලය, පකිස්තානය, රුවන්ඩා, සුඩානය සහ වියට්නාමය වැනි විවිධ රටවල් 12 නියෝජනය කරමින් විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 14 කු ද මෙම පාඨමාලාව සාර්ථකව හැදැරුවන් අතර වේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා සමඟින් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නිතිඥ කපිල වෛද්‍යරත්න මහතා ද උත්සවයේ සම්භාවනීය අමුත්තන් ලෙස එක්ව සිටියහ.
මෙම පාඨමාලාවේ දී කැපී පෙනෙන දක්ෂතා දැක් වූ ශිෂ්‍ය නිලධාරීන් වෙත විශේෂ සම්මාන ද එහිදි ප්‍රදානය කළ අතර, විද්‍යාලයේ වාර්ෂික සඟරාව වන "ඕව්ලට්" සඟරාව ද උත්සවය අතරතුරදී අමුත්තන් වෙත පිලිගන්වන ලදි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, ත්‍රිවිධ හමුදාපතිවරුන්, හිටපු හමුදාපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික හමුදා සාමාජිකයින්, ආරක්ෂක අමාත්‍යාංශ නිලධාරීන්, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සේනාවිධායක, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක සහ එම කාර්ය මණ්ඩලය, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් සහ උපාධිධාරී නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින් ද සම්භාවනීය අමුත්තන් සමඟ මේ අවස්ථාව සඳහා සහභාගි වුහ.
|