එක්සත් ජනපද ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

11th December 2017

ශ්‍රී ලංකාවේ පිහිටි ඇමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හේස් සඳුදා (11) දින උදෑසන යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

එහිදි ද්විපාර්ශ්වික වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කළ අතර, මෙම සුහඳ හමුව අවසානයේ දෙපිරිස අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

|