පුදුකුඩිඉරිප්පු ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු භටපිරිස් හි සහාය
11th December 2017
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 682 වන බලසේනාවට අයත් 11 වන ශ්‍රී ලංකා ඉංජිනේරු භටපිරිස් විසින් මුලතිව්, පුදුකුඩිඉරිප්පු මහා විද්‍යාලය අසළ ඇළ මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සිය සහයෝගය දක්වන ලදි.
පුදුකුඩිඉරිප්පු ප්‍රදේශීය ලේකම් විසින් කරන ලද ඉල්ලීමකට අනුව 682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එන්.ඩි.ජී හේවගේ ගේ උපදෙස් මත එම බලසේනා භට පිරිස් විසින් මෙම ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය සඳහා සහාය දක්වනු ලැබීය.
|