යුද්ධ හමුදා නිලධාරීන් වෙනුවෙන් මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ දී සම්මන්ත්‍රණ මාලාවක්

8th December 2017

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල මගින් වාර්ෂිකව දෙවන වරටත් සංවිධානය කරනු ලබන දෙදින සම්මන්ත්‍රණය මෙවර ‘ත්‍රස්තවාදය, වත්මන් ප්‍රවණතා සහ අභියෝග’ යන මැයෙන් පැවැත් වූ අතර, එහි සමාප්තිය බ්‍රහස්පතින්දා (7) දින සිදුවිය.

මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජයන්ත සෙනෙවිරත්න ගේ ආරාධනයෙන් මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මල් ඩයස් සහභාගි වු අතර සම්මන්ත්‍රණයේ ප්‍රධාන දේශණය එතුමන් විසින් පවත්වන ලදි.

මෙවර සම්මන්ත්‍රණය සඳහා යුද්ධ හමුදා නිලධාරින් 47 ක්, නාවික හමුදා නිලධාරින් 5 ක්, ගුවන් හමුදා නිලධාරියෙක් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 2 ක් ඇතුලුව නිලධාරින් 52 ක් සහභාගි විය.

යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 17 ක් සහ වෙනත් සම්පත්දායකයින් කිහිපදෙනෙකු මෙම විද්වත් සම්මන්ත්‍රණයේ දී තම දැනුම සහභාගිවුවන් සමඟ බෙදාගත් අතර, ඔවුන් ඉදිරිපත් කරන ගැටලුවලට පිළිතුරු ද ලබාදුන්හ. සම්මන්ත්‍රණය අවසන් භාගයේ කණ්ඩායම් දේශන ඉදිරිපත් කිරිම් ද මෙම වැඩසටහනට ඇතුලත්ව තිබුණි.

මාදුරුඔය, යුද්ධ හමුදා පුහුණු පාසල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ප්‍රධාන පුහුණු පාසලක් වන අතර විදේශිය හමුදා නිලධාරින් ද ඇතුළුව නිලධාරින් සහ සෙසුනිලයින් වෙනුවෙන් මුලික සහ උසස් අධ්‍යාපනික සම්මන්ත්‍රණ අවස්ථා සඳහා එහි පහසුකම් සලසනු ලබයි. එම පාඨමාලා බොහෝමයක් ප්‍රතිත්‍රස්ත සහ ගැටුම් අරගල මැඩපැවැත්විම පිළිබඳව අවධානය යොමු කරමින් සැලසුම් කර ඇත.

යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ උපදෙස් අනුව යුද්ධ හමුදා පුහුණු පාසල මගින් වාර්ෂිකව දෙවන වරටත් සංවිධානය කරන ලද මෙම සම්මන්ත්‍රණයේ සාර්ථකත්ව අවසන් කිරීමට යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂ ජෙනරාල් ද සහාය ලබාදෙන ලදි.

ත්‍රස්තවාදය පරාජය කිරිමේ ක්‍රමෝපායන්, ත්‍රස්තවාදය පිළිබඳව පර්යේෂණ හා ත්‍රස්තවාදය මැඩලීමේ ක්‍රමවේදයන් සංවර්ධනය කිරිම පිළිබදව මෙම සම්මන්ත්‍රණයට සහභාගි වු නිලධාරින් අත්කරගනු ලැබීය.

|