නව ස්වේච්ඡා බලසේනා සේනාවිධායක රාජකාරි අරඹයි

7th December 2017

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න බදාදා (06) දින උදෑසන ස්වේච්ඡා බලසේනා මුලස්ථානයේ දී රාජකාරි භාරගනු ලැබීය.

නව සේනාවිධායකතුමන්ව, හමුදා සම්ප්‍රදායානුකූලව කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා කඳවුරු පරිශ්‍රයේ දී උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

‘සෙත් පිරිත්’ සඡ්ඡායනාවන් මධ්‍යයේ නව තනතුරේ රාජකාරි භාරගත් සේනාවිධායකතුමන්, මෙම අවස්ථාව සනිටුහන් කරමින් ස්වේච්ඡා බලසේනා මුලස්ථාන පරිශ්‍රයේ වටිනා පැළයක් ද රෝපණය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ නව සේනාවිධායකතුමන් නිල ලිපි ලේඛණ කිහිපයකට අත්සන් තබමින් සංකේතාත්මකව නව ධුරයේ රාජකාරි භාරගැනීමෙන් අනතුරුව ස්වේච්ඡා බලසේනාවේ නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද අමතනු ලැබීය.

වසර 135 කට වැඩි පෞඩ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ 35 වන සේනාවිධායකවරයා ලෙස මෙසේ මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න නව ධුරයේ රාජකාරි භාරගනු ලැබීය.

මේජර් ජෙනරාල් පියල් වික්‍රමරත්න නව ධුරයේ රාජකාරි භාරගැනීමේ අවස්ථාවට රුවනි සුජිවා වික්‍රමරත්න මහත්මිය ද එක්ව සිටියහ.

|