දකුණු කොරියානු තානාපති කාර්යාල ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධීපති හමුවේ
15th November 2017
ඉන්දියාවේ නේවාසික කොරියානු ජනරජයේ (දකුණු කොරියාව) තානාපති කාර්යාල ආරක්ෂක උපදේශක කර්නල් ඉන් ලී අද (15) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
යුද්ධ හමුදාධීපති කාර්යාලයේ පැවති මෙම ද්විපාර්ශවීය සාකච්ඡාවේදි දෙරට අතර ආරක්ෂක හමුදාවන් පීළිබඳ කරුණු මෙන්ම ඓතිහාසික සම්බන්ධතා පිළිබඳව ද සිහිපත් කළ අතර, එම සබඳතාවයන් තවදුරටත් වර්ධනය කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කරන ලදී.
මෙම සුහද හමුව සංකේතවත් කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් හා දකුණු කොරියානු ආරක්ෂක උපදේශක අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවිය.
|