ජයවර්ධනපුර සරසවි සිසුන් පාබල හමුදා කෞතුකාගාරයේ සංචාරයක
15th November 2017
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ඉතිහාසය හා පුරාවිද්‍යා දෙපාර්තුමේන්තු ප්‍රධානි මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කපුකොටුවගේ ප්‍රධානත්වයෙන් උපාධි අපේක්ෂක ශීෂ්‍ය ශීෂ්‍යාවන් 87 දෙනෙකු සහ එම දෙපාර්තුමේන්තු කථිකාචාර්යවරුන් පිරිසක් යුධ ඉතිහාසය සහ යුධ උපකරණ පිළිබඳ දැනුමක් ලබාගැනීමේ අරමුණින් සඳුදා (13) දින ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සංචාරයක නිරතවන ලදී.
උපාධි අපේක්ෂිත සිසුන් ඇතුළු විශ්ව විද්‍යාල ආචාරවරුන් සාදරයෙන් පිළිගත් ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එම්.එම් කීත්සිරි, අනතුරුව එම පිරිසට අදාළ ඵෛතිහාසික යුධ ඉතිහාසය පිළිබඳ උපකරණ නැරඹීමට අවස්ථාව සලසාදෙන ලදි.
පාබල හමුදා රෙජිමේන්තු මධ්‍යස්ථාන විධායක අධිකාරි මේජර් ඉන්දික හේවාපතිරණ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ පුරෝගාමී රෙජිමේන්තුව වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ ඵෛතිහාසික කරුණු, පාබල හමුදාව විසින් ඉටු කරන කාර්යභාර්යන් සහ එහි ඵෛතිහාසික වැදගත්කම පිළිබඳවත් සංචාරක උපාධි අපේක්ෂක සිසුන් සහ විශ්ව විද්‍යාල ආචාරවරුන් පිරිස දැනුවත් කරන ලදි.
|