යුද්ධ හමුදා පොදු සමාවට යහපත් ප්‍රතිචාර
6th November 2017
(මාධ්‍ය නිවේදනයයි)
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින හමුදා අයවලුන් වෙනුවෙන් 2017 නොවැම්බර් මස 15 වන දින දක්වා ප්‍රකාශයට පත් කර ඇති දින 24 ක පොදු සමා කාලයට මේ වන විට යහපත් ප්‍රතිචාර ලැබී තිබේ. ඒ අනුව,නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින නිලධාරීන් සහ සෙසු නිලයින් 5412 දෙනෙකු ඔවුන්ගේ නිත්‍යානුකූල සේවයෙන් ඉවත් කිරීමේ කටයුතු සඳහා අදාල රෙජිමේන්තු මූලස්ථාන වෙත රපෝර්තු කර ඇත.
යුද්ධ හමුදාවෙන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවලුන් සේ සැලකු නිලධාරින් 6 ක්, කෙඩෙට් නිලධාරින් 6 ක් සහ සෙසු නිලයින් 5400 ක් පොදු සමා කාලය බලාත්මක කරන ලද ඔක්තෝබර් 23 දින සිට නොවැම්බර් 06 (සඳුදා) දින දක්වා ඔවුන්ගේ නිත්‍යානුකූල අස්කිරීම් කටයුතු සඳහා මෙසේ යුද්ධ හමුදාව වෙත වාර්තා කර තිබේ.
යුද්ධ හමුදා 68 වන සංවත්සරයට සමගාමිව ප්‍රකාශයට පත් කරන ලද මෙම පොදු සමා කාලසීමාව තුල දී යුද්ධ හමුදාවෙන් නිවාඩු නොමැතිව සේවයට නොපැමිණ සිටින අයවලුන්ට ඉඳුරාම ඔවුන්ගේ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත වාර්තා කොට ඔවුන්ගේ නිත්‍යානුකූල අස්කිරිම් කටයුතු සිදු කර ගැනීමට හැකියාව ඇත. (නිමාව)
|