රණක්ෂිතයට පත් යුද්ධ හමුදා විරුවන්ගේ කලාත්මක හැකියාවන් කොළඹදී ප්‍රදර්ශණයට
6th November 2017
යුද්ධයෙන් තුවාල ලැබූ රණවිරුවන්ගේ සහජ කලාත්මක හැකියාවන් අගයමින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද සන්ධ්‍යාවේදී (1) කොළඹ 7 ජේ.ඩී.ඒ. පෙරේරා කලාගාරයේදී ඔවුන්ගේ කලා කුසලතාවයන් එළිදක්වමින් සංවිධානය කරන ලද අත්කම් හා කලා ප්‍රදර්ශණය උත්සවාකාරයෙන් විවෘත කරන ලදි.
යුද්ධයෙන් තුවාල ලැබ පෙනීම අහිමි වූ, අත් පා අහිමිව ඇදන් මත නේවාසිකව සිටින මෙම වීරෝදාර රණවිරුවන් විසින් විශිෂ්ඨ ලෙස නිර්මාණය කරන ලද අත්කම් හා කලා නිර්මාණ 300 කට වැඩි ප්‍රමාණයක් මෙහිදී ප්‍රදර්ශණයට තබා ඇති අතර, රටෙහි ප්‍රධාන කලාගාරයකදී මෙවැනි ප්‍රදර්ශණයක් මහජන ප්‍රදර්ශණයට තැබෙන පළමු අවස්ථාව මෙයයි.
යුද්ධ හමුදාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් ශාන්ත තිරුනාවුකරුසු ගේ අධීක්‍ෂණය යටතේ වත්තල, රණවිරු සම්පත් කේන්ද්‍රයේ සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණයෙන් මෙම අත්කම් හා කලා නිර්මාණ ප්‍රදර්ශණය දැන් පැවැත්වේ.
අද (1) දින ප්‍රදර්ශණය පස්වරු 7.00 ට ආරම්භ වී රාත්‍රී 9.00 දක්වා පැවැත්වෙන අතර, බ්‍රහස්පතින්දා දින රාත්‍රී 10.00 දක්වා මහජන ප්‍රදර්ශණයට විවෘතව තැබෙනු ඇත.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ආබාධිත රණවිරුවන්ගේ සුවිශේෂී ප්‍රදර්ශණ භාණ්ඩ නිරීක්‍ෂණය කරමින් ඔවුන් එම කලා නිර්මාණ නිෂ්පාදනය සදහා යොදාගත් අමුද්‍රව්‍ය, නිර්මාණය සිදුකළ ආකාරය පිළිබඳව හා ඔවුන් සමග ද සුහද පිළිසඳරක නිරත විය.
|