මිත්‍ර ශක්ති යුද අභ්‍යාසය අවසන් වේ
27th October 2017
5 වන ඉන්දු ශ්‍රී ලංකා එකාබද්ධ පුහුණු අභ්‍යාසය ‘මිත්‍ර ශක්ති - 2017’ බ්‍රහස්පතින්දා (26) දින ඉන්දියාවේ පූනේ අවුන්ද් යුද්ධ හමුදා ජනපදයේ දී අවසන් විය.
දින 14 ක කාලසීමාවක් පුරා (ඔක්තෝබර් මස 13 සිට 26 දක්වා) පැවති මෙම පුහුණු අභ්‍යාසය උත්සවාකාරයෙන් ආරම්භ වූ අතර, එහිදි නුතන සන්නිවේදන තාක්ෂණය භාවිතය, හමුදා සහයෝගිතාව සහ අන්‍යෝන්‍ය ක්‍රියාකාරිත්වය පිළිබඳ හදුන්වාදෙනු ලැබීය.
එමෙන්ම, කැරලි මර්දන හා ත්‍රස්ත විරෝධී මෙහෙයුම් පිළිබඳව ද මෙහිදි අවධානය යොමු විය.
පුහුණු යුද අභ්‍යාසයේ අවසන් දින ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ භට පිරිස් එක්ව අර්ධ නාගරික පරිසරයක ප්‍රතිත්‍රස්ත ක්‍රියාන්විතයක් සිදුකරන අයුරු ක්‍රියාවට නැංවු අතර, එම සංදර්ශන යුද සරඹ අංගයට ත්‍රස්ත ප්‍රදේශය වෙත භට පිරිස් ඇතුළු කිරීම, කඹ ආධාරයෙන් හෙලිකොප්ටර් භාවිතාකොට ඉහල අහසේ සිට බිමට පැණීම, ත්‍රස්තවාදීන් සැගවුනු ස්ථානයක් විනාශ කිරීම, ජාත්‍යන්තර ත්‍රස්තවාදය පිළිබද අවබෝධයක් ලබා ගැනීම, තොරතුරු හුවමාරු කරගැනීම සහ ඒකාබද්ධ හමුදා පාලක ස්ථානයක් යටතේ ඒකාබද්ධ උපක්‍රමික ක්‍රියාන්විත දියත් කිරීම යන අංගයන් ඇතුලත්ය.
බ්‍රහස්පතින්දා (26) ඉන්දියානු හමුදාවේ පළමු මහාර් රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව සමාරම්භක උත්සවයට පෙර අවුන්ද් හමුදා මධ්‍යස්ථානයේ පුහුණු ප්‍රදේශය තුළ ඒකාබද්ධ උපක්‍රමික යුද අභ්‍යාසයක් පැවැත්වීය. අවි ආයුධ භාවිතය, පණිවුඩ හුවමාරුව සහ සෝදිසි මෙහෙයුම් ක්‍රම සහ විධි මෙම ඒකාබද්ධ පුහුණු මෙහෙයුමේදී විශේෂ අවධානය යොමුකරන ලදී.
මෙම පුහුණු අභ්‍යාසය අවසන් කරමින් අදහස් දැක් වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා කණ්ඩායමේ නියෝජිත මෙම අභ්‍යාසය තුලින් ද්විපාර්ශවික යුද්ධ හමුදාවන් එක්ව කටයුතු කිරීමේ හැකියාවත්, අත්දැකීම්, දැනුම සහ ද්විපාර්ශික මිත්‍රත්වය වැඩිදියුනු කිරීමට මහත් රුකුලක් වු බව පැවසීය.
|