හමුදා ඉතිහාසයේ පළමු වතාවට සූපවේදය පිළිබඳව යුද්ධ හමුදා සාමාජිකයින් රැසක් එකවර උපාධි ලබයි

26th October 2017

යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහණ අධ්‍යක්ෂක මණ්ඩලය යටතේ වන හෝටල් කළමණාකරණ බළඇණියේ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු හමුදා සාමාජිකයින් 30 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් යුද්ධ හමුදා ඉතිහාසයේ පළමු වතාවට සම්මානනීය කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයේ දී සූපවේදය පිළිබඳව ඩිප්ලෝමා උපාධි පාඨමාලාවක් හදාරා ඇත.

යුද්ධ හමුදාවෙන් මෑත ඉතිහාසයේ වෘත්තීය සූපවේදය පිළිබඳව ඩිප්ලෝමාධාරීන් විශාල පිරිසක් එකවර බිහිවූ පළමු අවස්ථාව මෙය වේ.

යුද්ධ හමුදා පුහුණු අධ්‍යක්ෂක මණ්ඩලයේ අනුග්‍රහයෙන් මෙම යුද්ධ හමුදා සාමාජිකයින් පිරිස සම්මානනීය කොළඹ ඇක්වයිනාස් විද්‍යාලයෙන් මෙසේ මාස 10 ක සූපවේදය පිළිබඳ දීර්ඝ පාඨමාලාවක් හදාරා සමත් වී තිබේ.

යුද්ධ හමුදා සැපයුම් හා ප්‍රවාහන අධ්‍යක්ෂක මණ්ඩලයේ හෝටල් කළමණාකරණ ඒකකයේ අණදෙන නිලධාරි කර්නල් ඉරෝෂ් වනිගසේකර සහ එම බළ ඇණියේ නිලධාරින් පිරිසක් මෙම ඩිප්ලෝමා උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි විය.

|