බ්‍රිතාන්‍ය පොලිස් උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

26th October 2017

බ්‍රිතාන්‍ය පොලිස් උපදේශක ශ්‍රීමත් හියුග් ස්ටිවන් රෝඩන් ඕඩ් මහතා (Sir Huge Stephen Roden Orde) අද (25) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

මෙම සුහද හමුවේ දි දෙපාර්ශවයට අන්‍යෝන්‍ය වැදගත්කමකින් යුත් කරුණු පිළිබඳව සාකච්ඡා කළහ.

නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමාගේ ආරක්ෂක සම්බන්ධිකරණ නිලධාරි (විශ්‍රාමික) කොමදෝරු කනිෂ්ක කුලරත්න ද මෙම අවස්ථාවට සහභාගි විය.

සුහද හමුව අවසානයේ දී සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිණි.

|