යාපනයේ භට පිරිස් සාමාන්‍ය වැසියන් වෙනුවෙන් නව නිවාස 6 ක් ඉදිකිරීමට මුල් ගල් තබයි

25th October 2017

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ඉල්ලීමකට අනුව යාපනයේ භට පිරිස් හී ඉංජිනේරු සහ තාක්ෂණික දැනුම යොදාගනීමින් යාපනය, කරෙයිනගර් ප්‍රදේශයේ නව නිවාස 6 ක් ඉදිකිරීම සඳහා මුල් ගල් තැබීය.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ගරු ඩි. එම්. සවාමිනාදන් මැතිතුමා ගේ උපදෙස් මත එම අමාත්‍යංශ අරමුදලින් වෙන් කරන ලද මුල්‍යාධාර යොදා ගනීමින් භට පිරිස් විසින් මෙම නව නිවාස ඉඳිකරනු ලබන අතර, කීරමලේ නල්ලිනක්කම් නිවාස ව්‍යාපෘතිය සහ අනෙකුත් ව්‍යාපෘතින් සාර්ථකව සිදු කිරීම හේතුවෙන් යුද්ධ හමුදා භට පිරිස් වෙත මෙම නව නිවාස ඉදිකිරීමට භාරදීමට අවධානය යොමුවී තිබුණි.

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ,පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය ගරු ඩි. එම්. සවාමිනාදන් මැතිතුමා ඇතුළු අමාත්‍යංශයේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සේවයේ නියුතු නිලධාරින් රැසක් ද සිකුරාදා (20) දින පැවති මෙම නව නිවාස ව්‍යාපෘතියේ ඉදිකිරිම් සඳහා මුල් ගල් තැබීමේ අවස්ථාවට සහභාගි විය.

නිවාස ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය සඳහා ප්‍රදේශයේ පූජකවරුන්, යුද්ධ හමුදා නිලධාරින් සහ සෙසුනිලයින් රැසක් ද සහභාගි විය. මෙම නිවාස ව්‍යාපෘතිය තුන්මාසයකටත් අඩු කාලයක දී සාර්ථකව නිම කර භාරදීමට යුද්ධ හමුදා භටපිරිස් අපේක්ෂා කරයි.

|