නියඟයෙන් පීඩා විදින යාපනය ජනතාවට භට පිරිස් වෙතින් පානීය ජල පහසුකම්

3rd October 2017

නියඟයෙන් පිඩා විදින යාපනය ප්‍රදේශයේ සාමාන්‍ය වැසියන් හට පානීය ජලය සැපයිමේ ව්‍යපෘතීයක් යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ උපදෙස් මත භට පිරිස් විසින් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අඟහරුවාදා (26) දින සිට නාවට්කුලි සහ කෝවිල්කණ්ඩි ප්‍රදේශයන් හී වෙසෙන සාමාන්‍ය වැසියන් 10,000 කට පමණ පිරිසකට අවශ්‍ය පානීය ජලය සපයනු ලැබේ.

ඊට අමතරව, ප්‍රදේශයේ දිස්ත්‍රික් ලේකම් සහ ග්‍රාම නිලධාරිවරුන් විසින් පානීය ජල අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස භට පිරිස් විසින් ප්ලාස්ටික් ජල ටැංකි කිහිපයක් ද ජල හිඟයෙන් පීඩා විදින ප්‍රදේශ වල ස්ථාන ගත කර යුද්ධ හමුදා ජල බවුසර් යොදාගෙන පානීය ජලය සැපයීමේ මෙහෙයුම් එම ප්‍රදේශයන්හි යුද්ධ හමුදාව විසින් අඛණ්ඩව තවදුරටත් සිදු කරමින් පවති.

|