‘වන රෝපා’ ව්‍යාපෘතිය යටතේ භට පිරිස් විසින් කිලිනොච්චියේ පැළ 135,000 ක් රෝපණය කිරීම ඇරඹේ
30th September 2017
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා විසින් ප්‍රකාශයට පත් කල ජාතික රුක් රෝපණ වැඩසටහනට සමගාමීව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පැළ 135,000 ක් පමණ රෝපණය කිරීමේ දැවැන්ත මෙහෙයුමක් ප්‍රදේශයේ සිවිල් වැසියන් සමඟ එක්ව කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය විසින් දියත් කරන ලදී.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන ගේ මඟපෙන්වීම යටතේ 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන ගේ අධීක්ෂණයෙන් එම සේනාංක මූලස්ථානයේ දී සඳුදා (25) දින පැළ බෙදාදීමේ උත්සවයක් පවත්වන ලදී.
මෙහිදි සිවිල් වැසියන් අතර පැළ බෙදාදීම සංකේතවත් කරමින් උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන විසින් කිලිනොච්චි ප්‍රදේශයේ පදිංචි නල්ලතම්බි ජයන්ද්‍රන් මහතා වෙත පැලයක් ප්‍රදානය කරන ලදි. එසේම පැළ 2,000 ක ප්‍රමාණයක් එම ප්‍රදේශයේ ජනතාව සහ භට පිරිස් වෙත බෙදාදීම ද එහිදි සිදුවිය.
57 වන සේනාංකයේ භට පිරිස් විසින් කිලිනොච්චි ප්‍රදේශයේ පැල 100,000 ක ප්‍රමාණයක් සිටුවීමට අපේක්ෂා කරන අතර, ඉතිරි පැල 35,000 කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය සහ 57 වන සේනංකය යටතේ ස්ථාපිත සියලු ඒකකයන් වෙත බෙදාදීමට නියමිතය.
කොස්, පොල් , කුඹුක්, කොහොඹ, මල්ල, මාර, කජු, වීර, පලු, දොඩම්, පුවක්, දෙළුම් ඇතුළු පැළ වර්ග රාශීයක් මෙම වසර අවසානවීමට පෙර රෝපණය කිරීම සඳහා ලබාදීමට නියමිතය.
කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සහ දිස්ත්‍රික් වන නිලධාරි නල්ලතම්බි ජයන්ද්‍රන් මහතාගේ ඇගයුමට ලක්වු මෙම නව සංකල්පය යටතේ වු පැල රෝපණය කිරීමේ වැඩසටහන ග්‍රාම නිලධාරින් සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සමීප සම්බන්ධීකරණයෙන් යුතුව අනෙකුත් ගම්මානයන්හිදී ප්‍රචලිත කිරීමට නියමිතය.
මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන සිය කෙටි දේශනයේ දී පැල වගාකිරීමෙන් ජාතියට සිදුවන සුබසෙත පැහැදිලි කොට සියළු දෙනාට ඒ සඳහා සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන ලදී.
571, 572 සහ 574 බලසේනාවන්හි බලසේනාධිපතිවරුන්, සියලු ඒකකයන්හි අණදෙන නිලධාරින් සහ සෙසුනිලයින් 300 දෙනෙකු මෙම අවස්ථාවට සහභාගි විය.
|