ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යාපනය ආරක්ෂක සේනා ආඥාපති හමුවේ
30th September 2017
යාපනය අර්ධද්වීපයේ සංචාරයක නිරත වූ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විඡේගුණරත්න යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි බ්‍රහස්පතින්දා (28) දින යාපනය පලාලි ප්‍රදේශයේ පිහිටි යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේදී හමුවිය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විඡේගුණරත්න ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය සහ සමාජ ගැටළු පිළිබඳව යාපනය ආඥාපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී දැනුවත් කරන ලදී.
අනතුරුව, පශ්චාත් ගැටුම් සමයේ හමුදා සහාය හා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ වගකීම හා කාර්යභාරය යන මැයෙන් යාපනයේ ආරක්ෂක සේනා මුලස්ථානයේ ශ්‍රවණාගාරයේදී යාපනය ආඥාපතිවරයා විසින් ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වෙනුවෙන් දේශණයක් සිදු කරන ලදී.
ඉන් අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර සී. විඡේගුණරත්න හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි සමරු ඵලක හුවමාරුවක් ද සිදුවු අතර, සිය සංචාරය සිහිපත්වීම සදහා විශේෂ ආරාධිතයින්ගේ පොතේහි සමරු අත්සනක් තබන ලදී.
|