යාපනයේ පෙරියවිලාන්හි තවත් නිවසක් ජනතා අයිතියට
29th September 2017
ආරක්ෂක සේනා මූලස්ථානය යාපනය විසින් යාපනයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් ඉටුකල තවත් එක් මෙහෙවරක් වශයෙන් යාපනයේ පෙරියවිලාන් හි පිහිටි ආරියවඩන් කදවියන්පුල්ලායි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සඳහා යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චිගේ තීරණයකට අනුව නව නිවසක් ඉදිකර ලබා දෙන ලදී.
513 වන බලසේනාවට අයත් 14 වන ගැමුණු බලකායේ ශ්‍රම දායකත්වයෙන් සහ යුද හමුදාවේ කර්නල් චන්දන මාරසිංහ මහතාගේ සොහොයුරෙකු වන ඕස්ට්‍රේලියාවේ පදිංචි කාන්චන මාරසිංහ මහතාගේ මූල්‍යමය අනුග්‍රාහකත්වය යටතේ නව නිවසෙහි ඉදිකිරීම් කටයුතු සිදු කෙරිනි.
කාන්චන මාරසිංහ මහතා මීට වසර තුනකට පෙර මියගිය තම පියාට පිං පිණිස මෙම ධානමය ප්‍රජාසත්කාරයට දායක වු අතර ආගමික වතාවන්ට අනුකූලව සිදු කරන කෙටි උත්සවයකින් අනතුරුව නව නිවස භාරදීම සිදුකරන ලදී. යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් නව නිවසේ යතුර භාරදීම සිදුකරන ලදී.
51 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් මර්වින් පෙරේරා, 513 බලසේනාවේ බලසේනාංකාධිපති බ්‍රිගේඩියර් චන්දන රණවීර ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් ද මෙම උත්සවයට සහභාගී වූහ.
|