68 වන යුද්ධ හමුදා සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරීමට සියල්ල සුදානම්
26th September 2017
දශක තුනක් පුරාවට දේශය වෙලාගත් රුදුරු ත්‍රස්තවාදී සංවිධානයක් ලොව විශ්මයට පත්කරමින් විනාශ කල ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 68 වන සංවත්සර සැමරුම 2017 ඔක්තෝබර් මස 10 වන දිනට යෙදී තිබේ.
බෞද්ධ, කතෝලික, ඉස්ලාම් හා හින්දු ආගමික වතාවන්ට අනුකූලව හමුදා ධජයන්ට සෙත් පැතීමේ සමාරම්භක උත්සව කටයුත්තනික් සම්ප්‍රදායානුකූලව මෙවර ද 68 වන යුද්ධ හමුදා සංවත්සරය හා හමුදා දිනයේ (ඔක්තෝබර් මස 10 දින) සැමරුම් කටයුතු සංවිධානය කර ඇත.
ඒ අනුව මෙම 68 වන යුද්ධ හමුදා සංවත්සරයේ ප්‍රථමයෙන්ම සැප්තැම්බර් 28 දින යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායකගේ සහභාගීත්වයෙන් ශ්‍රී දළඳා මාළිගාවට බුද්ධ පුජාව පිළිගැන්විමෙන් අනතුරුව ගරුතර මහා සංඝරත්නයට දන් පිළිගන්වා සියළුම හමුදා ධඡයන්ට ආශිර්වාද ලබාගැනිමේ ආගමික උත්සවය පැවැත්වෙනු ඇත.
ඉන් අනතුරුව, හමුදා ධජයන්ට සෙත් පැතිමේ උත්සවය ජය ශ්‍රී මහා බෝ සමිදුන් අභියස දී යුද්ධ හමුදාධිපතිතුමා ඇතුළු නිලධාරි සහ සෙසුනිලයින්ගේ සහභාගිත්වයෙන් ඔක්තෝබර් 02 වන දින සිදුකිරිමට නියමිතව ඇත.
ඔක්තෝබර් මස 3 වන දින දී යුද හමුදා ක්‍රිස්තියානි සංගමයේ සංවිධානත්වයෙන් යුද්ධ හමුදාවට ආශිර්වාද පතා බොරැල්ල සියළු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ දී ක්‍රිස්තියානි දේව මෙහෙය පැවැත්වීමට නියමිතය.
යුද්ධ හමුදා මුස්ලිම් භක්තිකයන්ගේ සංගමයේ සංවිධානයෙන් ඔක්තෝබර් මස 4 වන දින පෙරවරුවේ ඉස්ලාම් දේව මෙහෙය කොළඹ 3 ජුම්මා පල්ලියේ දී පැවැත්වෙනු ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා හින්දු බැතිමතුන්ගේ සංගමය විසින් යුද හමුදාවට ආශිර්වාද පතා සිදු කෙරෙන හින්දු දේව මෙහෙය කොළඹ 13 පොන්නම්බලම් වනේෂ්වර් කෝවිලේදී ඔක්තෝබර් මස 4 වන දින සන්ධ්‍යාවැරුවේදී පැවැත්වෙනු ඇත.
කතරගම, කිරි වෙහෙරට ගිලන්පස බුද්ධ පුජාවක්, කතරගම දේවාලයට මුරුතැන් පුජාවක්, ආශිර්වාද බලාපොරෙත්තුවෙන් පිලිගන්වා අනතුරුව කිරි වෙහෙර දාගැබ අභියස පොල්තෙල් පහන් 1500 ක් දල්වමින් පූජා භූමිය ආලෝකමත් කිරිමේ වතාවත් පවත්වා හමුදා ධජයන්ට ආශිර්වාද ලබාගැනිමේ පුජාවක් ඹක්තෝබර් මස 06 වන දින පැවැත්විමට නියමිතව ඇත.
දිවයිනේ සියළු හමුදා කණ්ඩායම් නියෝජනය කරමින් දහසකට වැඩි හමුදා භට පිරිසකගේ සහභාගීත්වයෙන් සර්ව රාත්‍රික පිරිත් දේශණයක් පනාගොඩ ශ්‍රී බෝධිරාජාරාමයේදී (යුද හමුදා පන්සල) ඔක්තෝබර් මස 8 වන දින පැවැත්වෙනු ඇත. පසුදින උදෑසන (9) භික්ෂූන් වහන්සේලා 20 නමකට හීල් දානය ද දහවල භික්ෂුන් වහන්සේලා 68 නමකට සාංගික දානයද පිරිනැමීමෙන් අනතුරුව යුද හමුදා 68 වන සංවත්සරයට අදාල ආගමික කටයුතු නිමාවට පත්වනු ඇත.
සංවත්සර උත්සව මාලාවේ උත්කර්ෂවත්ම අවස්ථාව වන සම්මාන ආචාර පෙළපාලිය ඔක්තෝබර් මස 10 වන දින (යුද්ධ හමුදා දිනය) පනාගොඩ යුද හමුදා ජනපදයේදී යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක වෙත පිරිනමනු ඇත.
එදිනම (10) යුද්ධ හමුදාධිපතිතුමන් රාගම රණවිරු සෙවනෙහිප්‍රතිකාර ලබන යුද්ධයේදි තුවාල ලැබ ආබාධිත රණවිරුවන් හමුවි ඔවුන්ගේ සුවදුක් විමසමින් ත්‍යාග ප්‍රදානය කොට තම ස්තුති ප්‍රශංසා පිරිනමනු ඇත.
යුද්ධ හමුදාධිපතිතුමන් ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගිවන මෙම සියළු උත්සව අවස්ථාවන් සඳහා යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින්, නිලධාරින් සහ සෙසු නිලයින් නියෝජනය කරමින් භට පිරිස් සහභාගි වනු ඇත.
යුද්ධ හමුදා බෞද්ධ බල මණ්ඩලය, යුද්ධ හමුදා ක්‍රිස්තියානි මිත්‍රත්ව සංගමය, යුද්ධ හමුදා මුස්ලිම් භක්තිකයන්ගේ සංගමය, යුද්ධ හමුදා හින්දු සංගමය, ආරක්ෂක සේනා මුලස්ථාන මධ්‍යම, වන්නි සහ බටහිර, යුද්ධ හමුදා පීරිස් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂ මණ්ඩලය, යුද්ධ හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් කාර්යාලය සහ යුද්ධ හමුදා මුලස්ථාන බලඇණීය ඒකාබද්ධව මෙම යුද්ධ හමුදා 68 වන සංවත්සර සැමරුම් සහ යුද්ධ හමුදා දින උත්සව කටයුතු සංවිධානය කරනු ඇත.
|