ඉන්දියානු යුද්ධ හමුදා උසස් අණ දෙන්නන්ගේ පාඨමාලාවේ නියෝජිතයින් යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හමුවේ
26th September 2017
ශ්‍රී ලංකාවේ සංචාරයක නියුතු ඉන්දියානු උසස් අණ දෙන්නන්ගේ පාඨමාලාවේ මාණ්ඩලික උපදේශක ගුවන් කොමදෝරු සුරේෂ් හොලන්නාවාර් (Air Commodore Suresh Hollannavar) ඇතුළු පාඨමාලාව සඳහා නිලධාරින් පිරිසක් (25) උදෑසන යුද්ධ හමුදා මුලස්ථානයේ දි යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර හමුවිය.
නිලධාරින් 15 දෙනෙකුගෙන් සමන්විත වු ඉන්දිය හමුදා දුත පිරිසට සුභ පැතු යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අනතුරුව ඔවුන් හදාරන පාඨමාලාව පිළිබදවත් මීට ඉහතදි ද්විපාර්ශ්වීය අනෝන්‍ය අවබෝධය සහ සහයෝගිතාවය වැඩි දියුණු කිරිමෙහිලා ගනු ලැබු තිරණ පිළිබදව ද විමසිය.
යටත් විජිත සමයෙන් අනතුරුව දෙරට යුද්ධ හමුදාවන් ගොඩනැංවිමෙහිලා ඓතිහාසික සම්බන්ධතාවයන් ද සිහිපත් කල සංචාරක ඉන්දීය යුද්ධ හමුදා නිලධාරි දුත පිරිස, ශ්‍රී ලංකා සංචාරය වෙනුවෙන් පහසුකම් සැලසීම පිළිබදව ඔවුන්ගේ කෘතඥතාවය පල කලහ.
සුහද සාකච්ඡා අවසානයේදි එම අවස්ථාව සිහි ගන්වනු වස් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ සංචාරක ඉන්දීය හමුදා දුත පිරිසේ ප්‍රධානි අතර සමරු ඵලක හුවමාරුවක් ද සිදුවු අතර මෙම අවස්ථාවට ඉන්දිය මහ කොමසාරිස් කාර්යාල ආරක්ෂක උපදේශක ද සහභාගි වී සිටියහ.
සංචාරක ඉන්දියානු හමුදා දුත පිරිස මෙම සංචාරයේ දී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි, නාවික හමුදාපති, ගුවන් හමුදාපති සහ ආරක්ෂක ලේකම් හමුවීමෙන් අනතුරුව බත්තරමුල්ල ඉන්දියානු සාම සාධක හමුදා ස්මාරකය අභියසදී රණවිරුවන් සිහිකිරිමේ උත්සවයකටද සදුදා (25) දින සැමරීමට නියමිතය.
|