යුද බිමේ ආබාධිත රණවිරුවන් විශේෂිත වැඩපිළිවෙලක් හරහා දඹදිව වන්දනාවට වරම් ලබයි
23rd September 2017
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය විසින් දියත් කරන ලද නව ව්‍යාපෘතියක් යටතේ යුද බිමේ ආබාධිත තත්ත්වයට පත් යුද්ධ හමුදා රණවිරුවන් 10 දෙනෙකු, සතියක දඹදිව සහ නේපාලයේ වන්දනාව සඳහා සෙනසුරාදා (23) දින දිවයිනෙන් පිටත් විය. මෙම ආබාධිත රණවිරුවන් ඔවුන්ගේ ජිවිතයේ පලමු වතාවට දඹදිව සහ නේපාලයේ සංචාරය සිදු කරනු ලබයි.
යුද්ධ හමුදා විධායක ජෙනරාල් මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ පුනරුත්ථාපන අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් එස්.කේ. තිරුනාවුකරසු ගේ සෘජු අධීක්ෂණය යටතේ සංවිධානය කරන ලද මෙම එතෙර වන්දනා සංචාරයට සහභාගි වු ආබාධිත රණවිරුවන්ට ඉන්දියාවේ බුද්ධගයාව, බරනැස් නුවර, කුසිනාරාව සහ නේපාලයේ ලුම්බිණිය ඇතුළු සිද්ධස්ථාන රැසක් වැදපුදා ගැනීමට අවස්ථාව සැලසෙනු ඇත. පුනරුත්ථාපන අධ්‍යක්ෂක මණ්ඩලය පවසන පරිදි වෛද්‍ය නිලධාරියකු, පිරිමි හෙද නිලධාරින් දෙදෙනෙකු සහ හෙද සහායකයෙකු ආබාධිත රණවිරුවන් සමගින් සංචාරය සඳහා සහභාගි වි ඇත.
මිහිදු සෙත්මැදුරෙහි නේවාසික, යුද බිමේ දී තුවාල ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරියකු වන කර්නල් වජිර කාරියවසම් මෙම සංචාරක ආබාධිත රණවිරු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මෙම පුරෝගාමි ව්‍යාපෘතිය යටතේ අභිමන්සල I, II, III, මිහිදුසෙත් මැදුර සහ රාගම රණවිරු සෙවණේ තෝරා ගන්නා ලද යුද බිමේ ආබාධිත රණවිරුවන් පිරිසක් මෙසේ සංචාරයට සහාභාගි වී සිටිති.
සංචාරක යුද බිමේ ආබාධිත රණවිරුවන් පිරිස ඉන්දියාවේ සහ නේපාලයේ ගත කරන කාලසිමාව තුල ඔවුන්ගේ ආබාධිත ස්වභාවය අනුව අවැසි විධිමත් නවාතැන් පහසුකම් සහ අනෙකුත් අත්‍යවශ්‍ය අව්‍යතාවයන් සැපයිමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව විසින් සියලු පියවර ගෙන තිබේ. මෙම එතෙර සංචාරය සෙනසුරාදා (30) වන දිනෙන් අවසන්වි පිරිස ආපසු දිවයින බලා පැමිණිමට නියමිතය.
|