යුද හමුදාපතිතුමා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශීෂ්‍ය නිලධාරීන් වෙත කළ දේශනයේ දී ඉගෙනුම් ක්‍රියාවලියේ වැදගත්කම අවධාරනය කරයි
12th December 2015
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (11) දින සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී එහි ශීෂ්‍ය නිලධාරීන් වෙත දේශනයක් පැවැත් වූ අතර, එහිදි ‘හමුදාවේ අනාගතය’ යන මැයෙන් ලෝකයේ නැගී එන නව අභියෝග හමුවේ වෘත්තීය දැනුම ලබා ගැනීමට ඇති වැදගත්කම සහ කාලීන ගැටුම් නිරාකරණය පිළිබඳව අවධාරනය කරන ලදි. ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයට පැමිණි යුද හමුදාපතිතුමා වෙත චාරිත්‍රානුකූලව සෙබලුන් විසින් සම්මාන මුරයක් පිරිනැමිමෙන් අනතුරුව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ සේනාවිධායක මේජර් ජෙනරාල් උදය පෙරේරා විසින් පිළිගන්නා ලදි. ත්‍රිවිධ හමුදා ශිෂ්‍ය නිලධාරීන් මෙන්ම විදෙස් ශිෂ්‍ය නිලධාරීන් සහභාගි වූ පාඨමාලා අංක 09 වෙත දේශනයක් පවත්වමින් යුද හමුදාපති, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාවේ විෂය මාලාව නැගී එන ජාත්‍යන්තර තර්ජනයන්ට ගැලපෙන ලෙස එම විෂය මාලාව වැඩිදියුණු කිරීම කළ යුතු බව ද සඳහන් කරන ලදි. අනාගත හමුදා ස්ථානගත කිරීම්, අවශ්‍ය උපාය මාර්ගික සැලසුම් සහ අදහස්, නැගි එන අයිඑස්අයිඑස් තරජනයට විසඳුම් සහ ප්‍රති ක්‍රියාමාර්ග, කලාපීය සහයෝගීතාව පුළුල් කිරීම මෙන්ම අන්යෝන්‍ය හමුදා සබඳතා, සිවිල් ජනතාව වැනි විෂයන් ආවරණය වන පරිදි යුද හමුදාපතිතුමන් මෙම දේශනය පැවැත්විය.