දියකාවා යුධ අභ්‍යාසයේ සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කිරීමේ අභ්‍යාසය අතිගරු ජනාධිපති, රාජ්‍ය ආරක්ෂක ඇමති සහ ආරක්ෂක ලේකම්ගේ නිරීක්ෂණයට
12th September 2017
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා සහ ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මැතිතුමා ‘දියකාවා VIII – 2017 යුධ අභ්‍යාසය’ බ්‍රහස්පතින්දා (14) දින ත්‍රිකුණාමලය කුච්චිවේලි ප්‍රදේශයේ දී එම යුධ අභ්‍යාසය ‘Critical Engagement’ නමින් හඳුන්වන සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කරන අභ්‍යාසය නැරඹීමට නියමිතය.
ශ්‍රී ලංකා යුධ හමුදාව විසින් සංවිධානය කරනු ලබන බහු ජාතික ක්ෂේත්‍ර යුධ අභ්‍යාස පුහුණුවක් වන දියකාවා VIII – 2017, අඛණ්ඩව අටවන වරටත් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් සහ රටවල් 13 ක් නියෝජනය කරමින් පැමිණි ලෝකයේ විවිධ රටවල නියෝජිතයින් 69 ක සහභාගිත්වයෙන් සැප්තැම්බර් මස 3 වන ඉරිදා දින ආරම්භ විය. සැප්තැම්බර් මස 24 දින දක්වා පැවැත්වීමට නියමිත මෙම බහු ජාතික යුධ පුහුණු අභ්‍යාසයේ අධ්‍යක්ෂවරයා වශයෙන් මේජර් ජෙනරාල් අරුණ ජයසේකරඅණදීම් සිදු කරනු ලැබේ.
|