ඕස්ට්‍රේලියා මහා කෝමසාරිස්වරයා යුද්ධ හමුදාධිපති හමුවේ

7th September 2017

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් බ්‍රයිසී හච්සන් මහතා (Mr. Bryce Hutchesson) බ්‍රහස්පතින්දා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

යුද්ධ හමුදාධිපතිතුමන් සහ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස්වරයා ද්වීපාර්ශවීය වශයෙන් වැදගත් පොදු කරුණු රැසක් පිළිබඳව මෙහිදි සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයා ද මෙම අවස්ථාව සඳහා සහභාගි විය.

අනතුරුව, දෙපාර්ශවය අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

|