නික්මයන බංගලාදේශ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

7th September 2017

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සිය ධුරයෙන් නික්මයාමට පෙර බ්‍රහස්පතින්දා (07) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.

බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කොමදෝරු එස්. අස්ලාම් පර්විස් (S. Aslam Parvez) එම තනතුරේ වසර 2 කට වැඩි කාලයක් රාජකාරි කල අතර, නික්මයාමට පෙර යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවති සාකච්ඡාවේ දී යුද්ධ හමුදාධිපතිතුමන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ඔහුගේ රාජකාරි කාලසිමාව තුල ලබාදුන් සහයෝගය පිළිබඳව මෙහිදි සිය ස්තුතිය පල කළහ.

මෙම හමුව අවසානයේ දෙපාර්ශවය අතර සංකේතාත්මක සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.

|