දියකාවා ඒකාබද්ධ හමුදා පුහුණු අභ්‍යාසයේ භට පිරිස් ප්‍රහාරයන්ට සුදානමින්

7th September 2017

පසුගිය දෙදින තුල ‘දියකාව පුහුණු අභ්‍යාස VIII - 2017’ සඳහා අනියුක්ත කර සිටින පුහුණු භට පිරිස් ත්‍රිකුණාමලය මන්කි බ්‍රිජ් (Monkey Bridge) යුද්ධ හමුදා කඳවුර අවට ප්‍රදේශයන් හී ඒකාබද්ධ දිය සහ ගොඩ යුධ පුහුණු ප්‍රහාර අභ්‍යාසය ආරම්භ කොට ඇත.

දිය සහ ගොඩ ක්‍රියාන්විත මෙහෙයුමක් යනු ප්‍රහාරක භට පිරිස් සතුරු ප්‍රදේශයකට ආක්‍රමනශීලිව මුහුදින් ගොඩ බැස්වීමෙන් අනතුරුව, නාවික සහ ගොඩබිම් යුද හමුදා භට පිරිස් විසින් සිදු කරන යුධ ප්‍රහාරක ක්‍රියාන්විතය වන අතර, මෙම පුහුණු යුධ ක්‍රියාන්විතය ප්‍රහාරයන් සඳහා යොදවනු ලබන 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවට අයත් යුධ ටැංකි සහ භට පිරිස් නාවික හමුදා යාත්‍රා මගින් ප්‍රවාහනය කිරීම් සඳහා එම නාවික යාත්‍රා වෙත ගොඩ නැංවීම සහ ගොඩ බැස්වීමේ පුහුණු සරඹයන් මේ වන විට සිදු කරනු ලබයි.

ඒ අනුව, ‘දියකාව අදියර VIII - 2017’ යුධ අභ්‍යාස ක්‍රියාන්විතයේ අධ්‍යක්ෂක මේජර් ජෙනරාල් අරුණ ජයසේකර විසින් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විඩියෝ දුරකථන ඇමතුමන් හරහා සම්බන්ධ වී පුහුණු යුධ ක්‍රියාන්විතයේ ප්‍රගතිය පිලිබඳව සඳුදා (04) දින දැනුවත් කර ඇත.

|