නිවසක් නොමැති මරුතන්කර්නි හී පවුලකට යුද්ධ හමුදාවෙන් නිවසක්

4th September 2017

පූජ්‍ය තලගල සුමනරත්න නායක හිමි සහ සිංගප්පුරුවේ තාන් මහතාගේ (Mr Than) කාරුණික අනුග්‍රහයෙන් යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 55 වන සේනාංකයට අයත් 552 වන බලසේනා මුලස්ථාන බලප්‍රදේශයේ මුරුතන්කර්නි ග්‍රාම සේවා වසමෙහී නිවසක් නොමැති දිළිඳු පවුලකට නව නිවසක් ඉදිකර දී ඇත.

තලගල සුමනරතන නායක හිමිගේ උපදෙස් මත සිංගප්පුරුවේ තාන් මහතා විසින් සිදු කරන ලද ධන පරිත්‍යාගයකින් මෙසේ 55 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් අරුණ මුහන්දිරම් ගේ සේනාංක භට පිරිස් මෙම නව නිවස ඉදිකිරීමේ කටයුතු සිදු කොට ආර්.එම්. රමේෂ් මහතා සහ ඔහුගේ පවුල වෙත භාරදී තිබේ.

නිවසක් නොමැතිව අසරණව සිටි ආර්.එම්. රමේෂ් මහතා සහ පවුල පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරින් විසින් ආරක්ෂක හමුදාවන් දැනුවත් කිරීමෙන් පසු ඒ සඳහා උදව් උපකාර පිණිස පූජ්‍ය තලගල සුමනරතන නායක හිමි ඉදිරිපත් වී තිබුණි.

සිකුරාදා (01) දින පැවති ආර්.එම්. රමේෂ් ඇතුළු ඔහුගේ පවුල නව නිවසේ පදිංචියට පැමිණිමේ උත්සවයට නායක හිමි, පරිත්‍යාගශීලි තාන් මහතා, 55 වන සේනාංකයේ සේනාංකාධිපති, 552 වන බලසේනාධිපති, මරුනන්කර්නි ග්‍රාම නිලධාරි සහ නිවාසලාභිගේ ඥාතින් පිරිසක් ද සහභාගි වුහ.

|