එක්සත් ජනපද ශාන්තිකර හමුදා උතුරු කලාපීය නියෝජ්‍ය ආඥාපති, යුද්ධ හමුදාධිපති හමුවේ
1st September 2017
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය’ සඳහා සහභාගිවීමට ශ්‍රී ලංකාවට පැමිණි ඕස්ට්‍රේලියා හමුදාවේ සේවයේ කරන ඇමරිකා එක්සත් ජනපද යුද්ධ හමුදා ශාන්තිකර මුලස්ථානයේ උතුරු නියොජ්‍ය අණදෙන නිලධාරි මේජර් ජෙනරාල් රෝජර් ජේ.නොබල් බ්‍රහස්පතින්දා (31) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය.
මෙම සුහද හමුවේ දී මේජර් ජෙනරාල් රෝජර් ජේ.නොබල් ලෝකය පුරා ඇති අන්තවාද සම්බන්ධ ගැටළු විසදීම සඳහා බුද්ධිමය සහ හමුදාමය වැදගත්කම අවධාරණය කර දුන් සම්මන්ත්‍රණ සැසීයන් සඳහා ඔහු ඇතුළු දුත පිරිසට ආරාධනා කිරීම පිළිබඳව ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිවරයාට සිය කෘතඥතාව පළ කළහ.
මෙහිදි, ද්විපාර්ශීක අන්නෝන්‍ය වැදගත්කමක් ඇති කරුණු සහ කලාපීය ගැටළු පිළිබඳව ද සාකච්ඡාවට ලක්විය. අනතුරුව, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක සහ මේජර් ජෙනරාල් රෝජර් ජේ.නොබල් අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවිය.
‘කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය’ නිමාවෙන් පසුව මේජර් ජෙනරාල් නොබල් සහ එක්සත් ජනපද නියෝජිතයින් බදාදා (30) දින බත්තරමුල්ල රණවිරු ස්මාරකය වෙත සිය ගෞරව ආචාර පුද කළහ.
|