ප්‍රධාන දේශක ඇමරිකානු එක්සත් ජනපද අද්මිරාල් තම අත්දැකිම් ඔස්සේ විද්වත් අදහස් දක්වයි
28th August 2017
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලවේ දැන් (28) පැවැත්වෙන කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය අතරතුර එහි ප්‍රධාන දේශක ඇමරිකානු එක්සත් ජනපද අද්මිරාල් සහ විලියම් ජේ. ෆැලෝන් (විශ්‍රාමික) යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අතර සුහද සාකච්ඡාවක් පැවැත්විණ.
එහිදි ඇමරිකානු නාවික හමුදා අද්මිරාල්වරයා අන්තවාදී ප්‍රචණ්ඩත්වය පිළිබඳව තම අත්දැකිම් පිලිබඳ අදහස් කිහිපයක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායකට පැවසුහ.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වර්ෂ 2009 ට පෙර මානුෂික මෙහෙයුමේ දී සාමය නැවත ස්ථාපිත කරලීමේත්, ගොඩනැගිම, පුනරුත්තාපනය, නැවත පදිංචි කිරිම පිළිබඳව සිය අදහස් පල කලේය.
කොළඹ ආරක්ෂක සම්මන්ත්‍රණය සඳහා පෙන්වු දායකත්වය පිලිබඳව යුද්ධ හමුදාධිපතිවරයා සිය කෘතඥතාවය පල කලහ.
|