හෝමාගම හදිසි ගින්න යුද්ධ හමුදාව නිවා දමයි

22nd August 2017

හෝමාගම නගරයේ කඩ සාප්පු සංකීර්ණයක සඳුදා (පස්වරු 1.50 ට පමණ) ඇති වු හදිසි ගින්නක් බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ 14 වන සේනාංකයට අයත් 142 වන බලසේනාව යටතේ ස්ථාපිත 10 වන (ස්වේච්ඡා) ජාතික ආරක්ෂක බළමුළු භට පිරිස් විසින් වහාම ක්‍රියාත්මක වී එම ස්ථානයට පැමිණ පැයකිහීපයක් තුලදි ගින්න නිවා දැමීමට සමත් වී ඇත.

හෝමාගම නගර මධ්‍යයේ ඉසෝෆ්ට් පෞද්ගලික ආයතන (Esoft Building) ගොඩනැගිල්ලේ ඇතිවු මෙම හදිසි ගින්න එම අවස්ථාවේ දි අවට ගොඩනැගිලි වෙත පැතිර යාමට ද ආසන්නව තිබුණු බැවින් හෝමාගම පොලිසිය විසින් කරන ලද ඉල්ලීමකට අනුව ගිනි නිවන හමුදාවේ සහ යුද්ධ හමුදාවේ ගිනි නිවන රථ කිහිපයක් ද වහාම එම ස්ථානයට පැමිණ පොලිසිය සහ ආධාරයට පැමිණි 10 වන (ස්වේච්ඡා) ජාතික ආරක්ෂක සේනා බලමුළු භට පිරිස් විසින් දැඩි සුළං තත්ත්වයක් ප්‍රදේශයේ පැවතිය ද ගින්න මැඩ පැවැත්වීමට සමත් වී ඇත.

142 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් සමන්ත ද සිල්වා සහ 10 වන (ස්වේච්ඡා) ජාතික ආරක්ෂක බලමුළුවේ අණදෙන නිලධාරි මේජර් ජානක කලන්සුරිය සහ භට පිරිස් මෙසේ හදිසි ගින්න නිවා දැමීමට සක්‍රියව දායක වී තිබුණි.

|