සංචාරක ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති යාපනයේ සහ ත්‍රිකුණාමලයේ සංචාරයක
21st August 2017
ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් පි.එම්. හරිස් ගේ සිව්දින ශ්‍රී ලංකා සංචාරයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර සහ යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පිළිවෙලින් සිකුරාදා (18) සහ සෙනසුරාදා (19) දින හමුවිය.
සංචාරක ඉන්දිය යුද්ධ හමුදාධිපතිතුමන් පලාලී ගුවන් තොටුපලේ දී යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ බ්‍රිගේඩියර් පාලන හා භටකාර්ය සම්පාදන බ්‍රිගේඩියර් අජිත් ඇලවත්ත විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයට සපැමිණි ඉන්දිය යුද්ධ හමුදාවේ දක්ෂිණ යුද්ධ හමුදාධිපතිතුමන්ව සාදරයෙන් පිළිගත් යාපනය ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි විසින් යාපනය ප්‍රදේශයේ යුද්ධ හමුදාවට පැවරි ඇති රාජකාරින් සහ කාර්යභාරයන් පිළිබඳවත් සාමය හා සංහිඳියාව ඇතිකරලීමේ ක්‍රියාවලිය පිළිබඳවත් ඉන්දිය හමුදාධිපතිතුමන්ව දැනුවත් කළහ.
අනතුරුව, සංචාරක ඉන්දිය හමුදාධිපතිතුමන් සහ නියෝජිතයන් පිරිස එල්ටිටිඊ ත්‍රස්තවාදයට එරෙහිව සටන් කොට මියගිය ඉන්දියානු සාම සාධක හමුදාවේ සාමාජිකයින් වෙත පුෂ්පෝපහාර පුද කිරීමේ කෙටි උත්සවයක් සඳහා ද සහභාගි විය.
අනතුරුව, ඉන්දිය හමුදාධිපතිතුමන්ගේ මෙම සංචාරය සංකේතවත් කරමින් දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදුවු අතර, නික්ම යාමට පෙර විශේෂ අමුත්තන් සඳහා වු පොතේහි සමරු සටහනක් තැබීමට ද අමතක නොකළහ.
මේ අතර, සංචාරක ඉන්දිය දක්ෂිණ හමුදාධිපතිතුමන් මීට පෙර දින (18) සිදු කරන ලද නැගෙනහිර සංචාරයේ දී නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් නන්දන සේනාධිර හමුවිය.
|